Wednesday, December 11, 2013

තමන්ගේ FaceBook ගිණුම ආරක්ෂා කරගන්නා ක්‍රමයක් මෙන්න.....

       ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ෆේස්බුක් ගිණුම තවත් පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. මොකද ගොඩක් අය උත්සහ කරනවා තවත් කෙනෙකුගේ ගිණුමකට හොරෙන් ඇතුල් වෙන්න. ෆේස්බුක් එකේ ඉන්න මගෙනුත් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ෆේස්බුක් හැක් කරන්නේ කියන එක. ඒත් කියන්න තියෙන්නේ හැක් කරන එකනම් ඔය කියන තරම් ලේසි නෑ. නමුත් ඇත්තටම වෙන්නේ තමන් නොදැනුවත්වම තමන්ගේ විස්තර තවත් කෙනෙකුගේ අතට පත් වෙලා ඒ තොරතුරු මගින් අනවසරයෙන් ඇතුල් වීමයි. ඒ ගැන තවත් පැහැදිලි කරනවනම් ගොඩක් අය තමන්ගේ මුර පදය ලෙස තවත් කෙනෙකුට ආයාසයකින් තොරවම අනුමාන කරන්න පුළුවන් මුරපද යෙදීම. 

උදාහරණයක්‌ :-  
 Email       - samanbandara@mymail.com
 Password- saman123, bandara123, samanbandara, bandarasaman..

   ඉතින් මේවාට අමතරව තමන්ගේ උපන් දිනය, දුරකථන අංකය, පෙම්වතියගේ නම වගේ තවත් කෙනෙකුට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරනවා. ඇත්තටම මේවගේ දේවල් වලින් වැලකෙනවානම් මුලික පියවරක් ලෙස අනවසර ඇතුල් වීම් වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා පහසුවෙන් අනුමාන කල නොහැකි මුරපදයක් භාවිත කල හැකියි. 

උදාහරණයක්‌ :- 
             Email       - samanbandara@mymail.com
             Password - 54m4n64nd4a , %$m$n^$nd$a ,Test@12345

මෙහිදී  මුරපදය සඳහා Simple , Capital , Symbol , Numeric  යන වර්ග කීපයම යොදා ගැනීමෙන් වැඩි ආරක්ෂාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇති අතරම කිව යුතු තවත් විශේෂ දෙයක් නම් තමන්ගේ ඊමේල් ගිනුමටත් මේ හා සමාන ආරක්ෂාවක් තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් ඊමේල් ගිණුම තවත් කෙනෙකුගේ අතට පත් වීමෙන් ෆේස්බුක් ගිණුම ඔහු අතට පත්වීම ඉතාමත් පහසු වෙනවා. 
              ඉහත මූලික කරුණු වලට අමතරව ෆේස්බුක් තුලම ආරක්ෂාව සඳහා ක්‍රමෝපායන් කීපයක්ම හඳුන්වා දී තිබෙනවා. පහල රූපයෙන් පෙන්වල තියෙන්නේ එම ක්‍රම කීපයක්.
 මෙහි දක්වලා තිබෙන ක්‍රම වලට අනුව ෆේස්බුක් ගිණුම ආරක්ෂා කිරීමෙන් නියමාකාරයෙන්ම තමන්ගේ ගිණුම හැක් කිරීමෙන් වලක්වා ගැනීමට බොහෝදුරට පිටිවහලක් ලැබෙනවා. ඊට අමතරව තමන්ගේ ජංගම දුරකථන අංකය මෙයට ඇතුලත් කර අනවසර ඇතුල්වීම් ආදිය සම්බන්දව ක්ෂණයකින් දැනගැනීමේ හැකියාවද පවතී. එසේම ෆේස්බුක් ගිණුම වෙත ලැබෙන පණිවිඩ කෙලින්ම දුරකථනය වෙතද ලබා ගැනීමේ පහසුකමද පවතී. 
         මෙම ක්‍රම වලට අමතරව කෙතරම් හිතවත් වුවත් තමන්ගේ පුද්ගලික විස්තර මිතුරන් අතට පත් කිරීමෙන් වැලකීම, උපක්‍රම මගින් තමන්ගේ රහස් තොරතුරු ලබාගැනීමේ ක්‍රම වලට නොරැවටී සිටීම(Phishing) මගින්ද අනවසර ඇතුලත් විම වලක්වා ගත හැක. අද වන විට ෆේස්බුක් තුල නොයෙක් විනෝද ක්‍රීඩා ඇති අතර ඒවාට ලකුණුද ලැබේ. බොහෝවිට මෙම ලකුණු නොමිලේ දෙන බව පවසා ඒ සඳහා තමන්ගේ මුරපද සහ ඊමේල් ගිණුම් පිලිබඳ විස්තර සපයන මෙන් පවසා මෘදුකාංග , ඊමේල් ආදිය නොමිලේ ලබාදේ. මේ පිළිබඳව දැනුම අඩු බොහෝදෙනා දෙවරක් නොසිතා මේවාට රැවටේ. මගේ කලින් ලිපියක මෙවැනි වෙබ් පිටුවක් සම්බන්දව මම සඳහන් කරලත් තියෙනවා. මෙන්න ඒ ලිපිය (http://blog.lkstuff.info/2011/10/free-credit.html) මෙවැනි ක්‍රම සම්බන්දව දැනුවත් වීමද වැදගත් කරුණකි. 

මේ ගැන ඔබේ අදහස් පොඩි කොමන්ටුවකින් දාලම යන්න.

No comments:

Post a Comment