Monday, November 11, 2013

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්

අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි
dfx 

මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක බාගත කළ හැකියි.



mp3-accessories-dfx-audio-enhancer-11a

Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්ධයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්.
DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති ස්ඇකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද ස්අහය දක්වනවා
 

2 comments:

  1. Www.ඉසුරුලක්ෂිත.Lk: පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක් >>>>> Download Now

    >>>>> Download Full

    Www.ඉසුරුලක්ෂිත.Lk: පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක් >>>>> Download LINK

    >>>>> Download Now

    Www.ඉසුරුලක්ෂිත.Lk: පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක් >>>>> Download Full

    >>>>> Download LINK LN

    ReplyDelete