Saturday, March 29, 2014

SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!

ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version  එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා. 
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........


මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

  • International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-i XXXX
  • Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-M XXX/ SHV-E XXX
  • US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-i XXX
  • Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC -XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????

  1. SK Telecom
  2. Korean Telecom
  3. LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි  Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company  එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ

බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+  logo එක display වෙනව. පහත පින්තුරවල තියෙනවා Logo.



Anycall

Olleh


LG U+

සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall  , K තියෙන්නේ Olleh  ,  L තියෙන්නේ LG U+ .

Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte  තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.

උදාහරණ
  • S >>> SHW-M110S
  • S2 >>> SHW-M250S, SHW-M250K
  • S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
  • S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
  • S3 >>> SHW-M440S, SHW-M440K
  • S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
  • S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
  • S4 Lte-A >>>  SHV-E330S
  • Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
  • Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

ඉතාම වැදගත්: 

  • SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි. 
  • Original Korean  දුරකතනවල Ariel  එකක් තියෙනවා. Ariel  එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමයක්. 
  • Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර) තියෙන්නේ Original Korean version විතරමයි.
Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ. 
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam  වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.

ප්‍රවේසම් වෙන්න

අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි.  අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න. 
ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No. එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි. 
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක???  මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක් ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone ගන්න එක හොඳයි කියලා.
**********************************************************************************
ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය අපේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න.

You Can Any Vedio Dwonload not to IDM (ඕනෙම වීඩියෝ එකක් Download කරන්නේ මෙහෙමයි. IDM නෙවෙයි )



දාලා තියෙන මාතෘකාවෙන්ම තේරෙන්වනේ සීන් එක .ඔයාලා internet Download Manager දාලා කොච්චර ට්‍රයි කරත් ඒක හදා ගන්න බැරි උනාද? එහෙනම් ඒකට අප්සට් ගන්න ඕනෙ නෑ මේ ක්‍රමේට ඕනෙම වෙබ් අඩවියක වීඩියෝ ක්ශණිකව Download කරගන්න පුලුවන්.
මේක Add-on එකක් දැනට මේක වැඩ කරන්නේ Firefox , Internet Explore වල පමණයි.


                                                 මෙන්න මෙතනින් ගන්න  


 මේකට ගියහම මේ වගේ page එක පෙන්වයි.Firefox නම් මම් රවුම් කරලා තියෙන තැනින් ගන්න.Internet Explore නම් ඊට යට එකෙන් ගන්න.


හරි දැන් Addon එක Install කරලා බ්‍රවුසර් එක Restart කරන්න.
Addon එක වැඩ කරනවනම් මෙහෙම පෙන්වනවා

                                                           
 
                                    හරි දැන් උදාහරණයක් විදියට යන්න youtube එකට.
              ගියාම ඕනේ වීඩියෝ එක පහත විදියට download කරගන්න පුලුවන්.

                                

මෙන්න ඩවුන්ලෝඩ් වෙනවෝ...



නැත්තම් youtube link එකේ www. වලට පස්සේ ss කොටලා enter ගහපු ගමන් මේ ඉහත සයිට් එකට කෙලින්ම යනවා.ඒ නිසා  copy > past කරන්න ඕනෙත් නැ :)
ඔබේ අදහස් පහතින් දාන්න හැමෝටම බලන්න !

Sunday, March 9, 2014

How to increase ram in Android Mobile phone using SD Card ? (SD කාඩ් එකක් මගින් Android දුරකථන වල RAM එක වැඩි කරගනිමු )

ඔබේ Android දුරකතනයේ RAM එක මදිද? එකවර Apps කිහිපයක් ධාවනය කරන විට අධික ලෙස දුරකථනය මන්දගාමී වෙනවාද? වැඩිපුර RAM මතකයක් අවශ්‍ය කරන Games play කිරීමට නොහැකිද? මෙම ඉහත සඳහන් කරනලද සියලුම ගැටළු  විනාඩි කිහිපයකින් විසඳා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. 


මෙම ක්‍රමයට RAM එක වැඩි කරගැනීම සඳහා   දුරකතනයේ අභ්‍යන්තරයට කිසිඳු අමතර දෘඩාංග කොටසක් සවි කරන්නේ නැහැ. මොකද සාමාන්‍ය කෙනෙකුට එය කිරීමට තරම් දැනුමක් ඇත්තේ නැහැ. මොකද එය වඩාත් අවධානම් වගේම විශේෂිත පුහුණුව ලත් පුද්ගලයෙකුට පමණයි කල හැකි වෙන්නේ. 

නමුත් ඉතාමත් සරල ක්‍රමයක් තිබෙනවා Android දුරකථන වල RAM එක වැඩි කරගැනීම සඳහා. ඔබ විසින් කල යුතු වෙන්නේ  අප විසින් පහතින් ලබා දෙන උපදෙස් නිවැරදිව පිළිපැදීම පමණයි. මෙම ක්‍රමය මගින් ඔබට හැකියාව තිබෙනවා RAM මතකය 4GB දක්වා වැඩි කරගැනීමට. 


Android දුරකතයේ හෝ ටැබ්ලට් එකේ RAM එක වැඩි කරගන්නේ කෙසේද?


මෙය කරගත හැකි වෙන ක්‍රම දෙකක් තිබෙනවා. පලමු ක්‍රමය සඳහා අවශ්‍ය වෙනවා මුදල් දී ලබාගත යුතු වෙන app එකක් සහ free ලබා ගන්න පුලුවන් app එකක්. එම apps ස්ථාපිත කරගැනීමෙන් පහසුවෙන්ම RAM එක වැඩි කරගන්න පුළුවන්. 


දෙවෙනි ක්‍රමය නම් මැනුවල් ක්‍රමයට RAM එක වැඩි කරගැනීමයි. එය තරමක් සංකීර්ණ ක්‍රමයක් වෙන අතර ඒ සඳහා ඔබ කල යුතු වෙන කාර්යයන් කිහිපයක් තිබෙනවා.


අපි මෙහිදී භාවිතා කරන්නේ පළමු ක්‍රමයයි. මොකද දෙවෙනි ක්‍රමය තරමක් සංකීර්ණ වෙන නිසා. ඉහත අපි ඔබට පැවසුවා නේද මේ සඳහා මුදල් දී ලබා ගතයුතු වෙන app එකක් අවශ්‍ය වෙන බව. කලබල වෙන්න එපා අපි එය ඔබට නොමිලේම ලබා දෙනවා. මෙය වෙළඳ පොලේ ඩොලර් 9ක් වැනි මුදලක් වෙනවා. 


පළමු ක්‍රමය


අපි මෙහිදී භාවිතා කරන්නේ (RAM Expander) කියන මෘදුකාංගය. එමගින් ඔබේ දුරකතනයේ තිබෙන SD card එක RAM එකක් බවට පරිවර්තනය කරනවා. මෙය ක්‍රියා කරන්නේ නියම RAM එකක් විදියට නෙවෙයි, එය ක්‍රියා කරන්නේ (Virtual RAM) එකක් විදියටයි. 



පහත තිබෙන බටන් එක ක්ලික් කර එම මෘදුකාංගය නොමිලේම බාගන්න. 







මේ පහතින් ඔබ දකින්නේ මෙම මෘදුකාංගයේ තිබෙන සුවිශේෂී පහසුකම් කිහිපයක්. 



Free SD card memory as a RAM use (SWAP RAM / SWAP MEMORY)
- Swapfile RAM expansion up to 4.0 GB 
- No limit on SWAP partition
- The usual performance degradation when paged not occur with sd card from class-8
- Widget for PNP swap (swap on / off swap)
- Detailed Memory Information & Analysis
- Autorun
- Swappiness kernel parameter set
- Easy foolproof use
(1 click optimization and automatic calculation)
- Supporting Tung all Android devices (root access and Kernelswap support)


ඉහත App එක ඔබේ Android දුරකතනයට සහයෝගය දක්වනවාද යන්න දැනගැනීම සඳහා මෙම app එක install කර එය පරික්ෂා කර බලන්න. 
1. ඔබේ දුරකථනය මේ සඳහා සහයෝගය දක්වනවානම් ඔබට හැකියාව තිබෙනවා පහසුවෙන්ම RAM එක වැඩි කරගැනීමට. 

2. app එක ස්ථාපිත කරගත් පසුව ඉංග්‍රීසි භාෂාව තෝරන්න. 

3. දැන් SWAP file එකක් සාදා ගැනීමට Swap Active කියන එක තෝරන්න

4. මීළඟට ඉහතදී සාදාගත් SWAP file එක enable කරගන්න. 

5. මේ තමයි අවසාන පියවර. එහිදී අළු පැහැයෙන් දිස් වෙන පෙට්ටිය (Grey Box) මත click කර එය active කරගන්න. 


දැන් ඔබේ RAM එක වැඩි වී තිබෙන බව අත්දැකීමෙන්ම ඔබට දැකගන්නට පුලුවන්. 


සැ.යු - මෙය සිදු කරගැනීමට ප්‍රථමව ඔබේ SD card එකේ තිබෙන දත්තයන් බැකප් කර තබා ගන්න. මෙම ක්‍රමය මගින් ඔබේ දුරකතනයේ RAM එක වැඩි කර ගැනීමටනම්  දුරකථනය Root කර තිබීම අත්‍යවශ්‍යම වෙන බව කරුණාවෙන් සලකන්න. 



හොඳයි එහෙනම් මෙම ක්‍රමය ඔබේ Android දුරකතනයෙත් උත්සහ කර බලන්න. ඔබේ අදහස් පහතින් දක්වා යන්නටත් අමතක කරන්න එපා.