පරිගණකය FAST කරගමු
(ULTIMATE FASTUP ^ TRIX !)
කොහොමද යාලුවනේ ඔන්න ඔයාල ඉල්ලපු නිසාම මම facebook hack කරන විදිහක් ගැන කියල දුන්නනේ .ඒ post එක කියවපු නැති අය ඉන්න්නවනම් මෙතනින් ගිහින් එක කියවන්න .කොහොමද වැඩේ සාර්ථකද ??????නැද්ද වෙන්න පුළුවන් මොකද ඔය ක්‍රමේ ගොඩක් අය දන්නවා .මම ටිකක් මොලේ දාන්න කිව්වෙත් එක තමා. ඒ නිසා මම වෙනස් ක්‍රමයකින් hack කරන විදිහ තවත් දවසක කියල දෙන්නම් . pishing trixගැනත් ඒ ගමන්ම කියන්නම්කො. හොදයි අද මාතෘකාව අනිවා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා .ඇත්තටම මේක මගේ යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා දාන පොස්ට් එකක් .ඒ වුනාට ඔයාලටත් මේක වැදගත් වේවි.ආ කියන්න අමතක වුනානේ .අපේ ජිලා අයියා අලුත් වැඩකට අතගහල තිනවා .ඒ වැඩේ හොදට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා !.හොදයි එහෙනම් අපි වැඩේට බහිමු
ඔයාල දන්නවනේ computer එකකට windows දාපු අලුත එක හොදට fast එකේ වැඩ කරනවා .එත් පහුපහු වෙනකොට කොහු කොහු වෙනවා වගේ com එකත් slow වෙනවා .මේකට හේතු මොනවද ?අපි කරන වැඩ නිසාම තම මෙහෙම slow වෙන්නේ .මුලින්ම ඒ හේතු ටික මොනවද බලමුකෝ !
*එපාම වෙන කාලකන්නි virus නිසා
*Temporary files පරිගණකයේ එක්රැස්වීම නිසා !
*අනවශ්‍ය software ,themes instrall කිරීම නිසා
*පරිගණකය හරි හැටි නඩත්තු නොකරන නිසා
*පරිගණකයේ perfomance වලට දරාගත නොහැකි ලෙස programm open කර ඇති නිසා
ඔන්න ඔය මම කොටලා තින්නේ පරිගණකයක් slow වෙන්න පුළුවන් ප්‍රදාන හේතු වගයක් .තව හේතු තිනවා හැබැයි ඒගැන කතාකරන එක එච්චර වැදගත් වෙයි කියල මම හිතන්නේ නෑ .
හොදයි අපි මේ ගැටළු එකින් එක විසදලා පරිගණකයක් fast එකේ වැඩකරවන හැටි බලමු .
මම පළවෙනියටම දාල තින එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ .virus ,spam ,worms ,Trojans මේවා ඇත්තටම එපාම වෙන දේවල් virus තරම් පරිගණකය මෘදුකාංගමය පැත්තෙන් slow කරන වෙන දෙයක් නැති තරම් .සමහර virus වලින් ඔබේ පරිගණකයේ දෘඩාංග (hardware ) වලට පවා හානි වෙන්න කරන්න පුළුවන් සමහර virus නිසා ඔයාලගේ email ,facebook account හිටන් hack වෙන්න පුළුවන් .ඒවායින් බේරෙන හැටි මම ඔයාලට කිව්වනේ .කියෙව්වේ නැති අය ඉන්නවනම් මෙතනින් යන්න .මේ නිසාම තමා තමන්ගේ පරිගණකයේ අනිවාර්යයෙන් virus guard එකක් තිබිය යුත්තේ .virus guard එකක් තිබුනට වැඩක් නෑ ඒක activated සහ නිතර update වෙන එකක් විය යුතුයි .හැබැයි මතක තියාගන්න virus වගේම virus guard නිසාත් පරිගණකය slow වෙන්න පුළුවන් .ඒ නිසා පරිගණකයේ perfomance වලට ගැලපෙන guard එකක් use කරන්න .virus guard කිව්වම ඉතින් kaspersky ,Bit defender ,Avast,Nortan,E Smart ,microsoft Security Essentials වගේ ඕනෑතරම් තිනවා .kaspersky වගේ perfomance වැඩිය ඕන guard, performance අඩු පරිගණකවල දැම්මොත් slow වෙනවා ,performance අඩු පරිගණක වලට මම recomanded කරන්නේ microsoft ලගේ Security Essentials virus guard එක .
හොදයි virus වලින් බේරුනා කියමුකෝ .පරිගණකය slow කරන තවත් දෙයක් තම අනවශ්‍ය software සහ themes .සමහරු ඉතින් ලොකුවට photoshop ,maya ,themes දාගෙන ඉන්නවනේ .use කරනවානම් කමක් නෑ .කොහොමහරි මේවගේ ලොකු සොෆ්ට්වරේ දැම්මහම පරිගණකය slow වෙනවා.එහෙනම් මේවා නොදා ඉන්නද කියන්නනේ .නෑ ඔයාගේ පරිගණකය හොද එකක් නම් මේවා දැම්මට කමක් නෑ .මොකද ඒ softwares අද වෙනකොට ගොඩක් අය use කරනවනේ .අනිත් දේ තම themes .පරිගණකය කන දෙයක් තම මේ themes කියන්නේ .themes දාල කෙළවුණ කස්ටිය ඕනෑතරම් හොයාගන්න පුළුවන් .හොදයි සමහර වෙලවට ඉතින් ඔයාලගේ නොදැනුවත් කමිනුත් software එහෙම instrall වෙන්න පුළුවන් .මේවා අයින් කරන්න තින්නේ හරි ලේසි ක්‍රමයක් ,
my computer ගිහිල්ල uninstrall or change a programme යන්න ඔයාල .control panel ගිහිල්ල වුනත් මේකට යන්න පුළුවන් .ඔතනින් ගිහින් වැඩක් නැති software instrall වෙලා තිනවානම් uninstrall කරලා දාන්න .හැබැයි ඔයාල වඩක් නැති ඒවා කියල drivers එහෙම අයින් කරන්න යන්න එපා හරිද .පල්ලෙහා පින්තුරේ තින්නේ drivers .
themes ගැන කතාකරනකොට windows වලත් thems ටිකක් තිනවා .උදාහරණයක් විදිහට ගත්තොත් ඔය traskbar එක window එකක bar එක විනිවිද පෙන එක .desktop background pictures එක මාරුවෙන්න දන එක ,window එකක් minimize කරන කොට animated විදිහට taskbar එකට යන එක. task bar එකේ minimize කරපු app එකක් ලගට mouse pointer එක ගෙනිච්චම පොඩියට window එක එන එක .වගේ ගොඩක් දේවල් තිනවා .මේ නිසාත් slow වෙන්න පුළුවන් .මේවයින් අනවශ්‍ය දේවල් අයින් කරන හැටි බලමු .
my computer >properties >advance system settings >advance tab එකේ තින perfomance එකේ settings යන්න .ඊට පස්සේ ajust for best perfomance කියන එක දීල apply කරන්න .කෙලා .windows වලට මේ මොකද වුනේ .බයවෙන්න එපා .නැවත අපහු windows 7 පෙනුම ගමු .එකට custom ගිහින් එකේ .
use visual style on windows and buttons
smooth edges of screen fonts
show thumbnails insted of icons
animation in the taskbar and start menu
කියන ටික විතරක් දීල apply කලාම හරි.
දැන් ඒ වැඩේ නිසාත් ඔයාගේ පරිගණකය ගොඩක් fast වේවි .තව desktop background එක මාරු වෙන විදිහට හදන එපා .එක පින්තුරයක් ගෙන තියාගන්න .එක manual වෙනස් කලාට කමක් නෑ .
* පරිගණකයක් use කරනකොට අපි කරන වැඩ වල temp files වෙනම ගොඩ ගැහෙනවා .ගොඩක් වෙලාවට temp folder එකේ තම මෙහෙම files ගොඩ ගැහෙන්නේ ඔයාලට %temp% කියල run එකේ ගැහුවනම් temp folder එකට යන්න පුළුවන් .අපි කරන වැඩවල නටබුන් තම මේ .කොටින්ම අපි youtube වගේ online video එකක් බැලුවත් මේ folder එකේ save වෙලා තිනව .ඒ video file බලන හැටි ගැන මම කලින් පොස්ට් එකක දල ඇති එක කියවපු නැති කෙනෙක් ඉන්නවනම්මෙතනින් ගිහින් එක කියවන්නකෝ .
ඔයාලට මේ temp files ලේසියෙන්ම disk cleanup එකින් අයින් කරලා දන්නා පුළුවන් .මේකට windows වලම disk cleanup කියල එකක් තිනව start>all programs >Accessories >system tools >Disk Clean up ...click කරලා ඔයාලට එක ඔපෙන් කරගන්න පුළුවන් .හැබැයි මේකට වෙනම software එකක් use කරන එක තම හොද .එකට ගොඩක් software තිනවා .ගොඩක් ඒවා සල්ලි දීල ගන්න ඕන .ඕනනම් trial use කරන්න පුළුවන් හැබැයි වැඩක් නෑ .ඒ නිසා free දෙන හොද software එකක් use කරන්න .මම නම් use කරන්නේ DiskMax කියල පොඩි software එකක් ඔයාලට එක පල්ලෙහා ලින්ක් එකෙන් offciall site එකෙන්ම බාගන්න පුළුවන් .
මේ software එකෙන් ඔයාලට පරිගණකය fast කරගන්න විතරක් නෙවේ hard එකේ disk space එකත් ඉතුරු කරගන්න පුළුවන් පල්ලෙහා පින්තුර බලන්නකෝ
දැක්කද කොච්චර වැඩක් නැති files තිබ්බද කියල.ඒ වගේම ගොඩක් space එකත් ඉතුරු වුනා!!!
හොදයි ඊලග කරණය තම පරිගණකයේ perfomance වලට දරාගත නොහැකි ලෙස programm open කර තිබීම .ඇත්තටම මේක ගොඩක් අයගේ නොදැනුවත් කමින් වෙන දෙයක් .සමහර programms ඔබට නොදනිම run වෙනවා වෙන්න පුළුවන් .විශේෂයෙන්ම මේවා පරිගණකය startup එකේදිම run වෙන programs මෙහෙම startup එකේදිම run වෙන programs මොනවද කියල අපිට මේ විදිහට බලන්න පුළුවන් .
run එකේ msconfig කියල type කරලා enter කරන්න
ඊට පස්සේ එන window එකේ startup කියන ටැබ් එකට යන්න එකේදී ඔයාලට බලාගන්න පුළුවන් පරිගණකය on වෙනවත් එක්කම on වෙන programs මොනවද කියල. මේකෙදි virus guard සහ වෙනත් අවශ්‍ය program එකක් අර අනිත් එක untick කරලා apply කරලා ok කරන්න ඊට පස්සේ පරිගණකය restart කරන්න .
ඔයාල දන්නවද දන්නේ නෑ .hard එකක් ගත්තම එකේ secters සහ clusters කියල දත්ත තැම්පත් වෙන තැන් තිනවා .මේ දත්ත අපි hard එක use කරන කොට.කොටින්ම කිව්වොත් පරිගණකය බවිත කරනකොට .දත්ත අපිළිවෙලට තැම්පත් වෙන්න ඉඩ තිනව .මෙහම එක file එක වුනත් එක එක තැන්වල කොටස් වශයෙන් තැන්පත් වෙන්න පුළුවන් මේ නිසා file එකක් ඔපෙන් කරද්දී වෙලා යන්න පුළුවන් .මේ අපහසුතාව මග අර ගන්න අපි මාසෙකට පාරක් වත් disk defragment එකක් කරන්න ඕන .මේකටත් software එහෙම තිනවා . මම ඔයාලට windows වලම තින disk defragment එක ගැන කියන්නම් .ඉස්සෙලා වගේම system tools වලින් disk defragmenter click කරලා හරි ඕනම local disk එකක් right click කරලා propaties ගිහිල්ල tools ටැබ් එකෙන්නුත් මේකට යන්න පුළුවන් .ඊට පස්සේ අවශ්‍ය partition එක දීල defragment disk කියල දෙන්න එතකොට එක හරි .
ඒවගේම මේ tools වලම තින error cheking කියන එක පොඩි චෙක් පාරක් දෙන එකත් හොදයි .
C drive එකනම් චෙක් වෙන්න shedule කරන්න .එතකොට පරිගණකය නැවත on වෙද්දී එක වේවි .
හරි දැන් ඔයාලට ගොඩක් දේවල් කිව්ව්වනේ මේ දේවල් කිව්වට හැබැයි ඔයාල මේ මොන දේ කලත් වැඩක් නැ පරිගණකය හරියට නඩත්තු කලේ නැත්තම් .ඒ කියන්නේ මම ඉස්සෙල්ල කිව්ව දේවල් අඩුම මාසෙකට සැරයක් වත් කරන්න ඕන .පරිගණකය නඩත්තු කිරීමේදී .එහි මදුකාංග හා දෘඩාංග පැත්ත දෙකම බලපානවා .පරිගණකය maintain කරන්න එක එක software තිනවා (eg :- tunel up ) ඒ software පුලුවන්නම් හොයාගෙන දාගන්න .
අපි දෘඩාංග පැත්ත .(hardware ) පැත්ත ගැන කතාකරමුකෝ .පරිගණකයේ system unit එකේ දුවිලි බැදුනමත් slow වෙනවා .මිට හේතුව අදික රත්වීම හා .දුවිලි බැදි ඒවායේ ඇති කුඩා ජලවාෂ්ප නිසා board එක short වීම් සිදුවීම .ඔයාලට පරිගණකයේ උෂ්ණත්වය bios ගිහින් බලන්න පුළුවන් .නැත්තම් speed fan කියන software එකෙනුත් බලන්න පුළුවන් .
speed fan බාගන්න ඕනනම් මෙතනින් යන්න
system unit එකේ දුවිලි බැදිලා තිනම් .එක හොදට සුද්ද කරන්න .ram එක ගලවල .එකේ pin මකනයක් අරන් මකල සුද්ද කරන්න .එතකොට බැදිලා තින දුවිලි වගේ යනවා .මේ දේවල් ඔයා පුහුණුවකින් යුතුව කලානම් තම හොද .
හොදයි ඔන්න පරිගණකය fast කර ගන්න හැටි ගැන පොඩි දේවල් ටිකක් කිව්වා .තව ප්‍රශ්න තිනවානම් comment කරන්න .මීලගට windows hack කරන විදි කිහිපයක් අරන් එන්නම් good luck !
















No comments:
Post a Comment