Wednesday, February 26, 2014

Mobile phone එක web cam එකක් කරන්නේ මෙහෙමයි.

iP Webcam for Android Devices :


මේ සොෆ්ට්වෙයා එක Android අයට කියාපු එක මෙන්න ගන්න.
  1. Download iP Webcam Android App. for Android
  2. Download iP Webcam Android App for PC
  3. Install the application on your phone and connect to the same Wi-Fi network connected to your PC.
  4. Now just follow the instruction on your app and you will be able to connect your device camera with your PC and use it as a webcam.
    _______________________________________________________

Saturday, February 22, 2014

ෆේස්බුක් ලංකාවේ තහනම් කලොත් ආපහු එන ලේසිම ක්‍රමය.

ලංකාවේ ආරක්ෂාවට Facebook තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි.


තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ  ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.

Tor ජාලය යනු කුමක්ද ?

Tor ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි.

මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.


Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද ?


Tor ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.


ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.





උපුටා ගැනීම---------- www.aluth.com වෙතිනි..........!

Sunday, February 16, 2014

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ Internal Memory එක වැඩිකරගමු (For Rooted)







අපි හැමෝටම ඉතින් ලොකු High-End Android Devices ගන්න හැකියාවක් නැහැනෙ. ඉතින් එහෙම අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් Apps දාගන්න බැරි එක. අනිත් එක තමයි Apps ටිකක් දානකොට ෆෝන් එක Slow වෙන්න ගන්න එක. ඉතින් මේ දෙකටම විසඳුමක් තමයි මේ ගෙනාවෙ. මේ ක්‍රමයෙන් අපිට පුළුවන් අපේ මෙමරි කාඩ් එකෙන් ඉඩක් අපේ Internal Memory එකට එකතුකරන්න. මේක App එකක් SD card එකට Move කරනවා වගේ නෙවෙයි. මොකද Move කළාට සම්පූර්ණ App එකම යන්නෙ නෑ. ඒත් මේ ක්‍රමයෙන් සම්පූර්ණ App එකම Move වෙනවා. ඉතින් ෆෝන් එක හොඳ වේගයකින් පාවිච්චි කරන්න පුළුවන්. මේක කරන්න නම් අනිවාර්යයෙන්ම ෆෝන් එක Root කරලා තියෙන්න ඕනෙ.


මුළින්ම කියන්න ඕනෙ මේකෙ පොඩි අවාසියක් තියෙනවා. මොකද මේක කළාට පස්සෙ මෙමරි කාඩ් එක අයින් කරලා දුරකථනය පාවිච්චි කරනකොට ඒ Move කරපු Apps පාවිච්චි කරන්න බෑ.

එහෙනම් අපි පටන් ගමු.මුළින්ම මේ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.

1. Partition Manager - Click Here
2. Android App - Click Here

දැන් අපි මුළින්ම SD Card එක Partition කරගෙන ඉමු. මේකට අනිවාර්යයෙන්ම මෙමරි කාඩ් රීඩර් එකක් හරි ඩොන්ගල් එකක් හරි පාවිච්චි කරන්න. ෆෝන් එක භාවිතා කරලා මේක කරන්න නම් යන්නෙපා. කොහොමවත් ෆෝන් එක පාවිච්චි කරලා කරන්න බෑ මේක. දැන් මම දුන්න Partition Manager Software එක භාවිතා කරලා මේ වැඩේ කරන හැටි බලන්න පහත වීඩියෝ එක නරඹන්න.

                                                                     watch
දැන් ඒ වැඩේ හරි. දැන් කරන්න තියෙන්නෙ ෆෝන් එකේ වැඩ ටික. ඒක බලන්න පහත වීඩියෝ එක නරඹන්න.
                                                                    watch

හොඳින් මතක තියාගන්න ඔයා Apps Move කරන්න කළින් ඒක තියෙන්න ඕනෙ Internal Memory එකේ විතරයි. SD Card එකට Move කරලා තියෙන්න බෑ. අපි මේ එකතු කරන ඉඩ System එකේ පෙන්නන්නෙ නෑ. නමුත් Apps Install කරලා බලන්න කොයි තරම් වෙනසක් තියෙනවාද කියලා.

දැන් ඔය වීඩියෝ එකේ තිබුණු විදිහටම වෙනම Install කරපු Apps ඔක්කොම Move කරගන්න. System Software නම් Move කරන්නෙපා. මොකද SD Card එකට කවදාහරි හානියක් වුණොත් ඔයාට ආයෙ OS එක Repair කරන්න වෙනවා.


Indentify Fake Android phone, Pad theoritically - (Android Phones ,Pad ඔරිගිනල්ද? කොරියන්ද? කියලා බලමු...)

දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ

 මේක දැනට ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් කාලීන ගැටළුවක්. මේකෙන් Phone වගේම Pad වලටත් check කරන්න පුළුවන්.

මගේ Blog 1 බලන්න එන අය කපටි වංචාකාරයනේගෙන් බේරිලා හරි අවබෝධයක් ගන්න එක මගේ යුතුකම. 

එහෙනම් පටන් ගනිමු..

මොකද්ද හොර copy වල වෙනස?

සමහර වෙලාවට camera quality සමාන වෙන්න පුළුවන්. හැඩය 100% ක් සමාන වෙන්න පුළුවන්. Memory වගේම සමහර ලොකු features වුනත් සමාන වෙන්න පුළුවන්.

එහෙමනම් කොහොමද හොද එක හදුනාගන්නේ?

1.       ඒකෙ තියන දේවල් බාහිරව බලා හදුනා ගැනීමෙන්.
2.       Software එකකින් Original එකක් සමග සංසන්දනය (compare) කිරීමෙන්.

1 වෙනි විදියට හදුනාගන්න හැටි මට call එකක් දුන්නම කියන්නම්. අද කියන්න යන්නේ 2 වෙනි method 1. මේක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් එකක්.

මේකට අපි මුලින්ම Internet connect වෙලා Play Store එකෙන් “Antutu Benchmark” App 1 download කරගන්න ඕනේ.
ඔයාලට බලාගන්න පහසු වෙන්න මගේ Phone 1 න් ගත්ත Screen shot ටිකක් දාලා තියනවා.



එහෙම නැත්නම් මෙතනින් App එක Download කරගෙන ඔයාගේ Phone එකට දාගන්න. ඊට පස්සේ ඔයාට Phone 1 ගන්නකොට ඒ Phone එකට මේක Bluetooth වලින් දාගෙන install කරන්න පුළුවන්නේ.

Download App (10MB)

දැන් Phone 1 Restart කරන්න.

දැන් software 1 open කරලා Test button එක click කරන්න. (මම මේක කලින් කල නිසා මගේ තියෙන්නේ Test again කියලා)
දැන් එන window එකෙනුත් Test දෙන්න.
දැන් ඔයාට දකින්න පුළුවන් 1% න් පටන්ගෙන test එකක් යනවා. මේකෙන් කරන්නේ Original 100% complete phone එකක් (හෝ pad එකක් )එක්ක ඔයාගේ  එක compare කරන එකයි.


මේ test එකේ අතරමගදී ඔයාට මේ වගේ ඒවත් දකින්න පුළුවන්.



100% ඉවර වුනාම මෙහෙම එකක් වැටේවි. එතකොට test එක ඉවරයි. දැන් result බලමු.

මෙතන My device කියන එකක් එක්ක ඔයාගේ phone එකට අගයක් එනවා. දැන් Details වලට යන්න.

මෙතැන තියනවා CPU, RAM, 2D, 3D වගේ හැම දෙයකම හරි විස්තරේ තියනවා.

කොරියන් (Fake) එකේ වෙනස...


 ·         ඒවගේ CPU එක ගොඩක් අඩුයි.
·         RAM එක අඩුයි.
                                             
දැන් ආයෙත් මුලට ගිහින් “Ranking” Tab එකට යන්න.

දැන් එතනම යට තියන “Ranking List” කියන එකට යන්න. එතන ඔයාගේ Phone model එක තියනවද කියල බලන්න.
තියනවනම් ඒකට ඉස්සරහ තියන “Compare” වලට යන්න.

දැන් ඔයාට පෙනේවි Original Phone එකත් එක්ක ඔයාගේ Phone 1 Compare කරලා තියන List එකක්. ඔයාට පේනවා ඇති සමහර Features ඔයාගේ එකේ අඩුයි කියලා. ඒත් සමහර Features ඔයාගේ වැඩිපුර තියෙන්න පුළුවන්.
ඒ වගේම “Device Info” Tab එකට ගියොත් Phone 1 Sensors, CPU,RAM, EMI, Memory, Display, Battery, Camera, Software version වගේම හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. මේවා study කරලත් ඔයාට කියන්න පුළුවන් මේක Originalද කියලා.




සැලකිය යුතුයි:
·         Original Phone (Pad) වල වුවද පෙන්වන්නේ 20%ක් දක්වා අඩු අගයකි. (සාමාන්‍ය අගයෙන් 80% ක්)
Ex: S4 phone 1 Original අගය 27,435 කි. නමුත් අපට Original phone 1 ලෙස 27,435*80% = 21,948 වුනත් පිළිගන්න පුළුවන්. මීට වඩා තව පොඩ්ඩක් අඩු වුනත් කමක් නෑ. එහෙම එකක් තියනවනම් අවුලක් නෑ ඒක හොද එකක්. කවදාවත් අපිට ඒ Value එකම තියන Phone එකක් හොයන්න අමාරුයි.

·         කොරියන් Phone වල වුවද 1st Quality යනුවෙන් වර්ගයක් ඇති අතර එය Original වර්ගයකි. International එකෙහි ඇති සෑම දෙයක්ම එහි ඇත. Made in China වලටද එසේම වේ. ඒ නිසා Phone 1 made country එකෙන් හැම දෙයක්ම කියන්න බෑ..

Tuesday, February 4, 2014

Internet Settings for all Networks - එක් එක් ජාලයන් සදහා අදාළ වෙන අන්තර්ජාල සැකසුම්


අද වන විට ලංකාව පුරාම Mobile networks 5ක් ස්ථාපිත වී තිබේ. අප අලුතෙන් ජංගම දුරකතනයක් ගත විට අපිට එම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා නොයෙකුත් කටයුතු කරගත හැක. මේ නිසා අප විශාල ප්‍රශ්නයකට මෙදිහත් වේ. එය ඒ ඒ Mobile Network 1ට Internet Settings ලබා ගැනීමයි. ඉතින් අලුත්ම Softwares අද ඔබට ගෙන එන්නේ ඉහත කී සෑම Mobile Network 1කටම අදාල සැකසුම් පිළිබදවය.

එක් එක් ජාලයන් සදහා අදාළ වෙන අන්තර්ජාල සැකසුම් පිළිවෙලින්.

 
Airtel
Name             - Airtel Internet
APN               - Airtel Live
Proxy             - 010.200.184.086
Proxy Port     - 8080 

Etisalat
Name             - Etisalat
                                                          
APN               - wap / web : for Pre paid
                         wap / internet : for Post paid       

Proxy              - 
192.168.104.4

Proxy Port      - 
9401


Dialog
Name            - Dialog                                            
APN             - Prepaid : ppwap
                      Postpaid : www.dialogsl.com     
Proxy            -192.168.122.2
Proxy Port    -8080



 
 
Mobitel
Name            -  Mobitel
APN              -  mobitel3g                          
Proxy             - 192.168.050.163                               
Proxy Port    - 8080 



 
Hutch
Name            - hutchlanka
APN               - htwap
Proxy             - 10.220.135.249                    
Proxy Port    -  8080 

ඕනම සිංදුවක Voice එක අයින් කරලා Music එක ගන්න එක දැන් හරිම පහසුයි

ගොඩදෙනෙක් ඉල්ලපු සොෆ්ට්වෙයා එකක් තමයි අපි අද දෙන්නේ.මේකෙන් ඔයාලට සිංදුවක ඇති කටහඩ ඉවත් කරන්න පුලුවන් ඒ වගේමයි තමන්ගේ කටහඩ වුනත් මේකට දාලා Save කර ගන්න පුළුවන්.
මේ software එකෙන් අපිට Music track එකකට කරන්න බැරි දෙයක් නැ.



http://v2.adf.ly/aSfzW

මේක කරන විදිය youtube එකේ ඔන තරම් තියනවා නමුත් හරියට ස්ථාපනය කර ගන්න හැටි කවුරුවත් කියල‍ දෙන්න් නෑනේ.... 
මෙන්න එහෙනම් මේක හරි විදියට කරන්නේ මේමයි.........


  1. මේකේ (1) බාගත කර ගන්න.
  2. ඉන් පසුව (2) යටතේ ඇති 4 හතරම බාගත කර ගන්න
  3.  1 ස්ථාපනය කර ගන්න. පසුව plugs හතර ස්ථාපනය කර ගන්න
  4.  හරි දැන් ස්ථාපනය කර අවසන්...........
  5.   දැන් ඉතින් වැඩේ කරන හැටි බලා ගන්න පුලුවන්
 මේක කරන විදිය බලන්න පහත විඩියෝවෙන්