Saturday, November 30, 2013

Android Phone වල සිංහලෙන් type කරන්න



ඔන්න කට්ටියටම උදේ පාන්දරම පට්ට වැඩක් ගැන කියලා දෙන්න හදන්නේ. කවුරුත් කැමතිනේ Android Phone වල සිංහලෙන් type කරන්න 

Face book යන යාළුවන්ට එහෙමනම් මේක ගොඩක් වැදගත් වෙයි. RAR file එක Extract කරලා  ඔයාල phone එකට ගෙන\ ගෙන install කරගන්න විතරයි තියෙන්නේ 

ඔන්න ඉතින් එහෙනම් පහලින් බාගන්නකො ......


http://www.fileswap.com/dl/H9UH2FPP1D/ඔක්කොම_මෙතන_android_sinhala.rar.html


හොදයිනම් කොමෙන්ට් එකක් දාලම යන්න

Sunday, November 24, 2013

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! [ Free Download & Get Ready To Use New Kind Of Dictionary - Namal Dictionary. ]

 ඉතින් අද මමදෙනවා ඩික්ෂනරි එකක්.....මම දන්නවා, ඔයාලා කවුරුත් පාවිච්චි කරනනේ, මධුර ඩික්ෂනරි එක කියලා....ඒත් මම අද දෙන ඩික්ෂනරි එක ඔයාල දැක්කොත්, මට අනිවා කියන්න පුළුවන් ඔයාල ඒකට කැමති වෙනවා කියලා....මොකද කියනවා නම්, මම අද මේ දෙන්න හදන ඩික්ෂනරි එක, එසේ මෙසේ ඩික්ෂනරි එකක් නෙවෙයි...මේක ඇවිල්ල, මධුර ඩික්ෂනරි එක වගේ සිය දහස් ගුණයක් පහසුකම් වැඩි, භාවිතයට ඉතා පහසු සහ තවත් ගොඩක් විශේෂාංග සහිත ඩික්ෂනරි එකක්...


එහෙනම් දැන් අපි පොස්ට් එක ගැන කතා කරමුකෝ...මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ පොරක්... නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...
දැන් ඩික්ෂනරි එක ගැන කතා කරමුකෝ !!! මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා හොදේ..... 

1) SEARCHING WINDOW

ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන්. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක click කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.



System Tray Icon එක මත Right Click කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.



Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත්, තේරුම ඉදිරිපත් කරයි.

2) GET WORD FROM IMAGE (TEXT CAPTURE - OPTICA CHARACTER RECOGNIZE)

Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage එකක, Image එකක, වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Capture" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න, ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.

3) SUBTITLE TRANSLATOR FOR KM PLAYER

මම නම් වැඩියෙන්ම කැමති මේ ටූල් එකට.මේ ටූල් එක ඉංග්‍රීසි හදාගන්න උණ තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව ඉංග්‍රීසි හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා, එකේ තියෙන දේවල් වල තේරුම සොයා ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව.
ඒ සඳහා විසදුමක් විදියට Km Player එකට මේ Add-On එක හදලා තියෙන්නේ.






ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක Km player එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (Km Player) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. තව දෙයක් කියන්න ඕන, ඔය සිංහල subtitles හදන ගොඩක් දෙනෙක් වගේ use කරන්නේ මේ ටූල් එක. මොකද, English Word එකේ තේරුම ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ....මේ විදියට තමයි එයාලා හැම ෆිල්ම් එකකටම වගේ සිංහල subtitles හදන්නේ....ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

4) TOP WORD OF THE DAY WITH GAME

ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්. Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

5) TOP 10 SENTENCES

මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුලුවන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

6)ENGLISH LEARNING TOOLS

English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.

7) MULTI CLIP BOARD

ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

8) AUTO TEXT GRAB

ලොකු ඩේටා ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වර්ග කරල (Sorted File) එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා

9) ENGLISH SINHALA WORD DATABASE COMMUNITY

නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු
කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.

10) ENGLISH-ENGLISH DICTIONARY

විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙතඩ් එකක්ද එකතු කරලා තියෙනවා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුලුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

11) REAL TIME SEARCH 

ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

12) SERCHED HISTORY

කලින් Search කරන ලද වචන ලබාගැනීමට.

13) SPEECH

Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

14) MORE SETTINGS FOR YOUR DESIRE....

වැඩි විස්තර සදහා නාමල් යාය වෙබ් පිටුවට පිවිසෙන්න.

කියන්නත් සතුටුයි , Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimaniසම්මානයටත් මේ අවුරුද්දෙ නාම යෝජනා ලබල තියෙනවා. ඇත්තම කියනවා නම් මේක, සම්මාන ලාභී ඩික්ෂනරියක් !! 

දැන් තේරෙනවද මේක කොච්චර වටිනා ඩික්ෂනරි එකක්ද කියලා...?? එහෙනම් ඉතින් දැන් තීරණය කරන්න, මේ ඩික්ෂනරි එක ඔයාලට ප්‍රයෝජනවත් ද කියලා...ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්, මෙන්න දැම්ම download කරගන්න.....

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.
                                                           Download

Tuesday, November 12, 2013

Memory Card එකේ තියෙන වැදගත් file අයින් උනාද ????

Memory Card එකේ තියෙන වැදගත් file අයින් උනාද ????



කට්ටියම හොදින් ඇති කියලා හිතනවා අද දවසට එල විදිහට දෙන 2 වෙනි පොස්ට් එක ඉතීම් මම මේ කියලා දෙන්න හදන දේනම් ඇත්තටම ගොඩක් වටිනා දෙයක් අපිට වෙන අත්පසුවීම් කොතෙක් තියෙනවද ඒ වගේ මොකක් හරි වෙලා අපේ Memory Card එකේ තියෙන වැදගත් file Delete උනොත් මොකද කරන්නේ 

පසුතැවෙන්න එපා මෙන්න එකට නියම බාන්දේ  Memory Card Recovery PRO ඔයාලගේ නැතිඋනා හැම දෙන අපහු අරන් දෙයි පොඩි software එකක් එත් වැඩ ගොඩයි පහලින් screen shot ටිකක් බලමුකෝ 





මෙතනින් බාගන්න එහෙනම් 

                                                                    Download click කරලා Slow Download Click කරන්න

Monday, November 11, 2013

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්

අද සෑම නිවසකම පාහේ පරිගණකයක් තිබෙනවා. චිත්‍රපට බැලීමට, ගීත ඇසීමට රූපවාහිනී, Hi-Fi සෙටප් භාවිතා කළත් පරිගණකයක් ඇති නිවෙසක චිත්‍රපට බැලීමට හා ගීත ඇසීමට පරිගණක භාවිතා කරනවා. හොඳ මට්ටමේ සබ්වූෆර් පද්ධතියක් තිබුණත් එහි හඩේ ගුණාත්මක භාවය (Sound Quality) Hi-Fi සිස්ටම් එකක තරමටම ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්‍රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකියි
dfx 

මේ සඳහා අප භාවිතා කළ යුත්තේ Audio Enhancer මෘදුකාංගයක්. එවැනි මෘදුකාංග ගණනාවක් අන්තර්ජාලය පුරාවට සොයාගන්නට පුළුවන්. නමුත් එම මෘදුකාග අතරින් DFX Audio Enhancer මෘදුකාංගය විශේෂයි. එයින් ඉතා ඉහළ Audio අත්දැකීමක් ලබාගන්නට පුළුවන්. නමුත් මෙය නොමිලේ දෙන මෘදුකාංගයක් නොවෙයි. කෙසේ වෙතත් මෙහි නොමිලේදෙන සංස්කරණයකුත් තිබෙනවා. මෙහි ක්‍රියාකාරීත්වය වටහා ගැනීමට සහ මූලික භාවිතයට එම නොමිලේ දෙන සංස්කරණය හොඳටම ප්‍රමාණවත්. පහත සබැඳියෙන් DFX Audio Enhancer හි Free Version එක බාගත කළ හැකියි.



mp3-accessories-dfx-audio-enhancer-11a

Power බට්න් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක සහ ක්‍රියා විරහිත කළ හැකියි. ක්‍රියාතමකව තිබියදී මීඩියා ප්ලෙයරයෙන් යම් ගීතයක් වාදනය කර බලන්න. එවිට ශබ්ධයේ ඇති වෙනස ඔබට වටහා ගන්නට පුළුවන්.
DFX Audio Enhancer මගින් පරිගණකයේ ශබ්ද පද්ධතියට 3D Surround Sounds, Hyperbass ආදී ගුණාංග ගණනාවක් එක් කරනවා. අතුරුමුහුණතේ ඇති ස්ඇකසුම් මගින් ඒවා තවදුරටත් පාලනය කළ හැකියි. එමෙන්ම මෙම මෘදුකාංගය මීඩියා ප්ලෙයරයට පමණක් නොව YouTube, Netflix, Vimeo ආදී ඔන්ලයින් සේවාවන්ටද VLC media player, Winamp, Skype වැබි මෘදුකාංග වලටද ස්අහය දක්වනවා